Software for Free | නොමිලේ මෘදුකාංග

ලක්ෂ ගණනින් මිල ක‍රලා තියෙන මෘදුකාංග MPTalks නොමිලේ දෙන්න යනවා කියලා හිතුනද මාතෘකාව දැක්කට පස්සේ? නොමිලේ මෘදුකාංග බා ගන්න ලෑස්ති වෙන්න කලින් ලිපිය ඉවර වෙනකම් කියවලාම බලන්නකෝ.

මේක මම සෑහෙන කාලයක් තිස්සෙම කියන්න හිතාගෙන හිටි දෙයක්.

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ රටවල පවතින නීති රීති අනුව පරිගණක මෘදුකාංග මංකොල්ලය/සොරකම (Software Piracy) දඬුවම් ලැබිය හැකි වරදක්. ඒත් අති බහුතරයක් පරිගණක භාවිතා කරන්නන් කවදාක හරි මෘදුකාංග මංකොල්ලයට හවුල් වෙලා තියෙනවා කිවුවොත් නිවැරදියි කියලා මම හිතනවා. පුද්ගලික භාවිතයේ තියෙන පරිගණක විතරක් නෙවෙයි; අපේ රටේනම් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SMB), පුණ්‍යායතන හෝ රාජ්‍ය ආයතනයක පරිගණකයක් වුනත් පරීක්ෂා කෙරුවොත් එකතුව රුපියල් ලක්ෂ ගාණක් වන තරමේ නීති විරෝධී මෘදුකාංග හොයා ගන්න පුලුවන් වෙයි. නීත්‍යානුකූල මෘදුකාංග විතරක් භාවිතා කරන මහා පරිමාණ ව්‍යාපාරනම් ලංකාවෙ තියෙනවා. ඒ හැරුනම ලංකාවෙ කොතනත් තත්වය මම දන්න තරමින් ඔය වගේ තමයි.

සමහර පරිගණක විද්වතුන් සහ පරිශීලකයන් හිතන්නේ මෘදුකාංගවලට මේ විදියේ නීතිමය රැකවරණයක් ඕන නෑ කියලයි. මේ මතය ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න පුලුවන්. සමහර anti copyright arguments ගැනනම් මම එකඟ වෙනවා. අනික ඔය කොයි මෘදුකාංගයත් නොමිලේ ලැබෙනවනම් මමත් හරි කැමතියි. එහෙම වුනත් දැනට පවතින නීතියට අවනත වෙන්න ඕන නිසා මම ප්‍රතිපත්තිමය වශයෙන් මෘදුකාංග සොරකම අනුමත කරන්නේ නෑ. (‘සොරකම’ කියන වචනෙන්ම තේරෙනවනෙ වැරදි වැඩක් කියලා…)

මෙහෙම නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතා කිරීම ගැන සදාචාරාත්මක විග්‍රහයක් මෙතනින් කියවන්න පුලුවන්.

දැන් සමහරුන්ට හරි ප්‍රශ්නයක් ඇති. මූ මේ පිස්සු කියවනවා. අපිට සල්ලි දීල ගන්නද එහෙනම් කියන්නේ කියලා. ඔන්න දැන් මම කියන්න යන්නේ ඒකට විසඳුම. ආයිත් සැරයක් මේ පෝස්ට් එකේ මාතෘකාව කියවන්නකෝ මුලින්ම… දැන් තේරුනාද?

අද කාලෙ සාමාන්‍ය පරිශීලකයෙකුගෙ ‍බොහෝ මෘදුකාංග අවශ්‍යතා ‍නීත්‍යානුකූලවම සපුරන්න පුලුවන්, උසස් තත්වයේ ‘නොමිලේ මෘදුකාංග’ (freeware) තියෙනවා. (‍‘සාමාන්‍ය පරිශීලකයෙකුගෙ’ කියලා කිවුවේ, වෘත්තීයවේදීන්ගෙ අවශ්‍යතා ගැන තත්වය මීට තරමක් වෙනස් නිසයි.)

මේ නිසා හොරකම නවත්තලා නීතිගරුක ජංජාලවැසියෙක් වෙන්න ඔබටත් පහසුවෙන්ම පුලුවන්. අදින් පස්සේ නව මෘදුකාංගයක් අවශ්‍ය වුනාම, අදාල ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමක් තියෙන වාණිජ මෘදුකාංගයේ පිටපතකුයි එහි crack එකයි අමාරුවෙන් හොයන්න ඕන නෑ. ඒ වෙනුවට ඔබේ අවශ්‍යතාවය හොඳින්ම සපුරන ‘නොමිලේ මෘදුකාංගය’ සොයාගෙන එය ස්ථාපනය කලාම හරි.

ඒත් ඉතින් හොඳින්ම ගැලපෙන ‘නොමිලේ මෘදුකාංගය’ මොකක්ද කියලා හොයා ගන්නේ කොහොමද? මම දන්න ලේසිම විදිය මීලඟ ලිපියෙන් කියන්නම්. වාණිජ මෘදුකාංග වෙනුවට freeware භාවිතා කිරීම ගැන ඔබ හිතන්නේ කොහොමද කියලා comment කරන්නකෝ එතකම්.

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in Tech and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

5 Responses to Software for Free | නොමිලේ මෘදුකාංග

  1. Thusitha Sampath පවසයි:

    හැබැයි මට නම් මෙහෙමත් හිතෙනවා,,,කවුරු හරි මහන්සි වෙලා හදන දෙයක් සල්ලි දීලා ගත්තාට නම් කමක් නැ.මොකද ඒක හදන කෙනාගෙ ශ්‍රමයට යමක් දෙන්නත් ඕනේ…
    නමුත් ගොඩාක් ගනන් නම් ඉතින් අපි වගේ අයට එව්වා ගන්නත් බෑ………. 😦

  2. MPTalks පවසයි:

    @Thusitha Sampath:
    සල්ලි දීලා ගන්නවානම් කිසි ප්‍රශ්ණයක් නෑ. මම ‍කියන්නේ හේතු 2ක් නිසා සල්ලි නොදී හොරෙන් ගන්න එපා කියන එකයි:
    1. ඒක නීති වරෝධීයි
    2. හොරකම් කරන එක නෝටි වැඩක්
    ඒ වෙනුවට ඔයාලට ගැලපෙන freeware එකක් භාවිතා කරන්න කියලා තමයි මම යෝජනා කරන්නේ.
    ස්තුතියි ප්‍රතිචාරයට.

  3. kasun පවසයි:

    ඔනෙතරම් Free and open source software මෙතනින් ගන්න පුලූවන්,
    ගොඩක් අය දන්නව ඇති.
    http://sourceforge.net/

  4. Kesara පවසයි:

    මමත් ගොඩක් මේ ගැන හොයන කෙනෙක්. සාමාන්‍ය කාර්යාල වැඩ කර ගන්න වගේ නම් ඕනෙ තරම් නිදහස් මෘදුකාංග තියෙනවා. ඒවා ඉතා හොඳයි. නමුත් මම ගොඩක් වීඩියෝ සංස්කරණ කටයුතු කරනවා. මට ඒකට බාවිතයට පහසු හා ඉතා හොඳ තත්වයේ නිමවුමක් ලබා දෙන්නේ Adobe Premier Pro. ඒ වුනාට ඒකෙ මිල රු. 150000 ක් විතර වෙනවා. මට ඒ තරම් මුදලක් නෑ. ඉතින් crck හොරෙන් බා ගෙන බාවිතා කරනවා. හොර වැඩ නරක උනත් අපි වෙන මොනවා කරන්නද ????
    පුළුවන් නම් premier වලට සමානව වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගයක් කියන්න.
    ස්තූතියි !

  5. MPTalks පවසයි:

    @kasun:
    ස්තුතියි ලින්ක් එකට.
    මේ වගේ තැන්වල තියෙන මෘදුකාංග අතරින් වැඩේට හොඳටම ගැලපෙන එක තෝර ගන්න මම කරන ක්‍රමය තමයි ඊළඟ ලිපියෙන් කියන්න හිතාගෙන ඉන්නේ.

    @Kesara:
    ඒකනම් ප්‍රශ්නයක් තමයි. මේ වගේ වෘත්තීය වැඩවලට ගැලපෙන හොඳ තත්වයේ freeware අඩුයි. මම දන්න තරමින්නම් වෘත්තීය මට්ටමේ video editing වලට ගැලපෙන freeware එකක් දැනට නෑ. 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )