Call 119 | 119ට කියන්න

පහුගිය දවස්වල සුපුරුදු වැඩවලට අමතරව අවසන් බිලකුත් චෙක් කරන්න වුනා. ඒ නිසා මොනවත් ලියන්න තියා සිංහල බ්ලොග් අවකාශෙ පැත්තෙ එන්නවත් වෙලාවක් තිබුනේ නෑ.

කාලෙකට පස්සේ ඇවිත් අදත් කියන්න යන්නේ ෆෝන් කතාවක්ම තමයි. ජංගම දුරකථන, ගෙදර දුරකථන, නාඳුනන දුරකථන අංක ගැන කියපු නිසා ෆෝන් කතා වැඩිද කියලත් හිතෙනවා. කමක් නෑ. මේකත් කියවලා බලන්න. වෙලාව තියෙන හැටියට ඉදිරියේදි වෙනස් දේවල් ගැනත් කියන්නම්…

කතාවට කලින් මේ විස්තරේ කියන්නේ හැමෝටම වැදගත් වේවි කියලා හිතෙන නිසයි.

2004 නොවැම්බර් මාසෙදි තමයි ශ්‍රී ලංකාවෙ අපිට 119 කියලා හදිසි දුරකථන අංකයක් හඳුන්වා දුන්නේ. ඊට කලින් විවිධ ආයතනවල වෙනස් අංක ගොඩකට කතා කරන්න වුන කරදරය මේ නිසා නැති වුනා. 119 දුරකථන අංකයට ලංකාවෙ දුරකථනයකින් කතා කලාම ශ්‍රී ලංකා පොලීසියෙ හදිසි ඇමතුම් සේවය තමයි සම්බන්ධ වෙන්නේ. මේ ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

‍දැන් හැමෝම දන්නවා ලංකාවෙ ඕනෑම ජංගම / ස්ථාවර දුරකථනයකින් මේ අංකයට නොමිලේ කතා කරන්න පුලුවන් කියලා. ඒත් ෆෝන් එකේ (පෙර ගෙවුම් ගිණුමේ) සල්ලි ඉවර වුනාම, ජංගම දුරකථනයට සංඥා නැති වෙලාවට, කීපෑඩ් එක ලොක් වුනාම, පාස්කෝඩ් දන්නේ නැති ලොක් වුන ජංගම දුරකථනයකින් විතරක් නෙවෙ‍යි; සිම් එකක් නැතුවම වුනත් පොලිස් හදිසි ඇමතුම් සේවයට කතා කරන්න පුලුවන් බව ඔබ දන්නවාද? හැබැයි මේ කියපු අවස්ථා වලදිනම් පහත කියන විදියට තමයි කරන්න වෙන්නේ:

සංඥා නැතිව / සිම් එක නැතිව කතා කරන්නනම් අවම වශයෙන් වෙනත් දුරකථන ‍සමාගමක සිග්නල් තියෙන්න ඕන. ඒ වගේම මේ කියන විදියේ වෙලාවලදි බොහෝ නිෂ්පාදකයන් (Nokia, Sony Ericsson etc.) ඔබට dial කරන්න ඉඩ දීලා තියෙන්නේ 112 ඇතුලු තවත් අංක කීපයක් විතරයි. ඒ නිසා එහෙම වෙලාවක 112 dial කලානම් හරි. මොකද; 112 අංකයත් ලංකාවෙදි සම්බන්ධ වෙන්නේ පොලිස් හදිසි ඇමතුම් සේවයටම තමයි. කොහොමද ටිකිරි මොලේ..?

Wikipedia මුත්තා කියන විදියටනම් 119 dial කරන්න අවසර තියෙන වෙලාවක වුනත් කෙලින්ම 112 dial කරන එකේ වාසි තියෙනවා. 112 හදිසි දුරකථන අංකයක් හැටියට දුරකථන‍ය hardware මට්ටමෙන්ම අඳුනන නිසා තමයි ඔය විදියෙ වාසියක් 112 අංකයට ලැබෙන්නේ. හදිසි දුරකථන අංකය dial කලාම සම්බන්ධ වෙන හැටි ඇතුලු වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

දැන් ඉතින් පොඩි කතාව කියන්නම්. මේක ‍අපේ ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් එකක් දාද්දි වෙච්ච ඇත්ත සිද්ධියක්. හැමෝම ඔය ගැන දන්නේ නැති නිසයි මේ කියන්නේ: සාමාන්‍යයෙන් මිශ්‍රකරන වැඩපොලේදි (Batching Plant එකේදි) අවශ්‍ය අනුපාතයට මිශ්‍ර කරලා තමයි වැඩපොලට කොන්ක්‍රීට් එවන්නේ.

දවසක් කොන්ක්‍රීට් එකට වතුර වැඩියි කියලා Consultant Engineer කෙනෙක් Contractor ට කිවුවා. Contractor ගත් කටටම කිවුවලු 119ට කියන්න කියලා. ඉතින් Engineer 119ට එක පාරම dial නොකර කල්පනා කරලා කොන්ක්‍රීට් එකට වතුර වැඩි වෙන එක ජාතික ආරක්ෂාවටවත් බලපෑමක් තියෙනවාද කියලා. එහෙම සම්බන්ධයක් හොයා ගන්න බැරි වුන නිසා Contractorගෙන් ආයිත් ඇහුවලු ඇයි 119ට කියන්න කිවුවේ කියලා.

එතකොට තමයි වැඩේ මීටර් වුනේ. Batching Plant Manager ගෙ දුරකථන දිගුව හෙවත් Extension එකත් 119ලු. (කතා කරන්න කියලා තියෙන්නේ 119 අංකයට නෙවෙයි. 119 දිගුවටයි.)

🙂

කලින් කියපු විස්තර මම දන්න තරමින් තමයි කිවුවේ… මේ ගැන ඔබ හිතන දේ ‍කමෙන්ට් කරන්න.

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in Ent, PT and tagged , , , , , , , , , , , , . Bookmark the permalink.

8 Responses to Call 119 | 119ට කියන්න

  1. Chanaka Aruna munasinghe පවසයි:

    එතකොට ඔය 119 Extension එක තියෙන තැන කට්ටියට හදිස්සියෙ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ආවොත් ඩයල් කරන්නෙ මොකක්ද

  2. MPTalks පවසයි:

    @Chanaka:
    මම ලිපිය ටිකක් වෙනස් කලා. දැන් තේරෙනවද බලන්න.
    ස්තුතියි කමෙන්ට් කලාට.

    • Chanaka Aruna munasinghe පවසයි:

      දැන් ඔය කියන තැන වැඩ කරන කෙනෙකුට හදිසි ඇමතුමක් ගන්න ඕනෙ වුනා කියල හිතන්න. එයා ඒක ගන්නෙ කොහොමද ? මොකද එයා 119 ඩයල් කළොත් Batching Plant Manager ටනෙ කෝල් එක යන්නෙ .

      119 අංකයයි 119 දිගුවයි වෙන් කරලා ඩයල් කරන්න ක්‍රමයක් තියෙනවද?

      • MPTalks පවසයි:

        Chanaka,

        දිගුවක අංකයක් තියෙනවා කියන්නේ PABX එකක් වගේ දෙයක් හරහා ආයතනය ඇතුලේ ක්‍රියාත්මක වෙන දුරකථන ජාලයක් තියෙනවා කියන එකයි. ඒ වගේ ජාලයකදී dial කරන ඕනෑම අංකයක් සැලකෙන්නේ ජාලය ඇතුලේ අංකයක් හැටියටයි. ඉතින් dial කරපු අංකය ජාලය ඇතුලේ නැත්නම් connect වෙන්නේ නෑ.

        ඒ වගේ ජාලයකින් ජාලයෙන් පිට අංකයකට කතා කරන්නනම් escape code එකක් (බොහෝ විට අංක ‘9’) dial කරලා තමයි පටන් ගන්න ඕන. එතකොට escape code එකෙන් පස්සේ අංක ටික ජාලයෙන් පිටත අංකය හැටියට වැඩ කරනවා.

        ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ තමයි:
        9119 dial කලාම සාමාන්‍ය 119 අංකයට සම්බන්ධ වෙනවා.
        119 dial කලාම Batching Plant Managerගෙ 119 දිගුවට සම්බන්ධ වෙනවා.

  3. lahiru පවසයි:

    ඒ උනාට මම කලින් බ්ලොග් දෙකකම දැක්කා ලංකාවෙ 119 ප්‍රතිචාරයක් නොමැත කියනවලු.නැත්තන් එන්ගේජ් ටෝන් එකක්ලු එන්නේ.

  4. MPTalks පවසයි:

    @lahiru:
    119ට එන call ගණනේ හැටියට නිතරම එන්ගේජ් ටෝන් එකක් ඇහෙනවා කියන එක පිලි ගන්න පුළුවන්. ඒත් 119 අංකය ලංකාවෙ වැඩ කරන බවටනම් සැකයක් නෑ.
    මම කියපු විදියට 119 වෙනුවට 112 dial කලානම් network priority ලැබෙන නිසා සමහර විට වාසියක් ලැබෙන්න පුළුවන්.
    ස්තුතියි comment කලාට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )