Approve or Forward? | ඇප්රූව්ද? ෆෝවඩ්ද?

පොඩි කතාවලින් මඩ කතාවලට යන්න හිතිලා නෙවෙයි… මේක ජොලි කතාවක් නිසයි ලියන්නේ.

රජයට සම්බන්ධ ආයතනයක ප්‍රාදේශීය කන්තෝරුවක ලොක්කා ළඟදී උසස්වීමක් ලැබිලා මාරු වෙලා ගියා. මෙයා වෙනුවට පත් වෙලා ආවේ තරුණ ඉංජිනේරුවරියක්. මේ මැඩම්ගෙ තාක්ෂණික හැකියාවන් මේ කතාවට අදාල නෑ. ඒත් පරිපාලන වැඩ – ඒ කිවුවේ මහ සංකීර්ණ දේවල් නෙවෙයි – ඔය ලියුමකට රිප්ලයි කරනවා වගේ දේවල් – ගැනනම් මෙයාට පලපුරුද්දක් නැති බව කට්ටියට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ඒක ඉතින් ලැජ්ජා වෙන්න දෙයක්නම් නෙවෙයි. අලුත් තනතුරක්නේ… මැඩම්‍ට කරන්න තිබුනේ ප්‍රශ්නයක් ආපු වෙලාවට, හිටපු ලොක්කට හෝ තමන්ගෙ දෙවැනි නිලධාරියාට නැත්නම් ඒ ඒ විෂය සම්බන්ධයෙන් වැඩ කරලා පුරුදු ලිපිකරු ශ්‍රේණියේ කෙනෙකුටවත් කතා කරලා ඒ ගැන වැඩි විස්තරයක් අහගන්න එකයි. සතියක් දෙකක් යනකම් ඔය විදියට කරලා වැඩේ හරියට ඉගෙන ගත්තනම් අපි කවුරුත් අහිතක් හිතන්නෙ නෑ. පැහැදෙනවා මිසක…

ඒත් මෙයා තෝර ගත්තේ වෙන ක්‍රමයක්. මෙයා ඔය එක්කෙනෙක්ගෙන්වත් අහන්න ගියේ නෑ ලැජ්ජාව නිසාද කොහෙද. ඒ වුනාට ලියුම, පොත අරන් එන කාර්යාල සහායකගෙන් අහනවා කලින් සර් හිටියානම් මොකද කරන්නේ කියලා… පීචංනේ නේද? ඉතින් ඔය වැඩ ගැන මොන මගුලක්වත් දන්නේ නැති පියන් කරන්නේ අර මිස්ට දාන්න… මේ සර්ට බාර දෙන්න කියන එක තමයි. ඒ කියන විදියට මැඩම් ඇක්ෂන් එක ගත්තත්, කවදාවත් instructions, comments වගේ දෙයක් ලිවුවෙත් නෑ. එහෙම ලියන්න කියලා පියන් කිවුවේ නැති නිසා වෙන්න ඇති… 😀

ලඟදි දවසක ඔය වගේ ලියුමක් ගෙනත් දුන්නම මේ මැඩම් පියන්ට ඇහෙන්න ඒකෙ කොටසක් කියවලා… ලියුම තිබුනේ කඩ්ඩෙන්. ඊට පස්සෙ මැඩම් ඇහුවලු අපි මේක ඇප්රූව්ද? ෆෝවඩ්ද කරන්නේ කියලා. පියන් මහත්තයා ටක් ගාලා දුන්නලු final decision එකෆෝවඩ් කරන්න මැඩම් කියලා.

ටික වෙලාවකට පස්සේ පියන් තව කෙනෙක් ලඟට ගිහින් කිවුවලු මේ විදියට:

ඇප්රූව්නම් මම දන්නවනේ. ඉතින් ෆෝවඩ් කියන්නේ ඊට වඩා වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මම ෆෝවඩ් කරන්න කිවුවා. ඇත්තට මොකක්ද සර් ෆෝවඩ් කියන්නේ? කියලා.

😀

ප. ලි.: පියන්ට කඩ්ඩෙන් තිබුන ලියුමේ මොන මළ දානයක්වත් තේරුනේ නැති බව කියන්න දෙයක් නෑනේ. නේද?

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in Ent and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

7 Responses to Approve or Forward? | ඇප්රූව්ද? ෆෝවඩ්ද?

  1. palaamalla පවසයි:

    මෙලෝ හසරක් නොදැනද රස්සවට ඇවිත් තියෙන්නේ ඒ මනුස්සයා

  2. MPTalks පවසයි:

    @palaamalla:
    මනුස්සයා කිවුවේ පියන්ද?
    එයාගෙ job එක file එහෙ මෙහෙ ගෙනියන, තේ හදන, photocopy ගහන, අතුගාන වගේ වැඩනෙ. ඉතින් forward කියන්නෙ ඒ මනුස්සයට හරිම බරපතල කඩු වචනයක් වෙන්න ඇති.
    ඒත් මෙයා sms forward කරන එක ගැනවත් අහල තිබුනේ නැති එකනම් පුදුමයි තමයි.

  3. Kathandara karaya පවසයි:

    රාජකාරී බාර දීමක් හරියට කෙරිලත් නෑ. ඒ වගේම – අළුත් බොස් තමන්ගේ පිරිස සමග මීටින් තියලා ප්ලෑන් කරලා වැඩ බෙදලා – කිසිම දෙයක් කරලත් නෑ.

    ඕවා ඉංජිනේරු පීටයේ උගන්වන තාක්‍ෂණික දේ නෙමෙයි, AR/FR වලින් දැනගන්න ඕනැ දේවල්.

  4. MPTalks පවසයි:

    @Kathandara karaya:
    මේක රාජ්‍ය සංස්ථාවක් වගේ එකක්. 😉 (වැඩි විස්තරයක් කියන්න ගියොත් අහු වෙනවා.) ඉතින් බොහෝ විට රාජකාරී බාර දීමක් කෙරෙන්නේ නෑ. එක්කෙනෙක් ගිහින් තවත් ටික දවසක් ගියාට පස්සේ තමයි අනුප්‍රාප්තිකයා එවන්නේ.

    අලුත් බොස් (මැඩම්) මීටින්නම් තිබ්බා. එයාගෙ technical knowledge එකත් හොඳයි. ඒත් කාන්තා පාර්ශ්වය කැමති නෑනේ ‍සෙකන්ඩ් වෙන්න. ඔන්න සම මට්ටමේ කෙනෙක් හරි, මැඩම්ට ඉහලින් තවත් කෙනෙක් හරි හිටියානම් එයා අහගනියි කියලා මට හිතෙනවා. මේක ප්‍රාදේශීය කාර්යාලයක් නිසා එහෙම කෙනෙක් නෑ.

    ඉතින් ලංකාවේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂම බව පුදුමයක්‍ නෙවෙයි.

    අසහාය කසු මගේ පුංචි බ්ලොග් එක කියවලා කමෙන්ට් කලාට ස්තුතියි.

    මම මේ බැලුවේ AR/FR කියන්නේ මොකක්ද කියලයි. Google පාරක් දැම්මත් මීටර් වෙන දෙයක්නම් හමු වුනේ නෑ.

  5. Ravi පවසයි:

    මා අසා ඇති පරිදි මෙය අර්ධ රාජ්‍ය ආයතනයක සිදුවූවකි.

    වසර ගණනක් පැරණි ලිපිගොනු ගොඩ ගැසීම නිසා කාර්‍යාලයේ ඉඩකඩ ප්‍රශ්නය ඉතා උග්‍ර වී තිබූ බැවින් ප්‍රධාන කාර්‍යාලයට ලිපියක් යැවීමට තීරණය කෙරිණි.

    “අප කාර්‍යාලයේ දැනට භාවිතයට නොගන්නා ලිපිගොණු විනාශ කිරීමට ඔබගේ අනුමැතිය අපෙක්ෂා කරමි.”

    දින කිහිපයකින් පිළිතුරු ලැබිණි.

    “අවසර දෙමි, එහෙත් විනාශ කරන සියලු ලිපිවල සහතික කල ඡායා පිටපතක් සුරක්ෂිතව තබා ගැනීමට කටයුතු කරන මෙන් උපදෙස් දෙමි.”

  6. සුභාෂ් පවසයි:

    මට කලින් අහලා තිබ්බ රස කතාවක් මතක් උනා . . මෙතන කියාන්වට වැඩිය ඔයාගේ මේ ලිපියට ඇමුනුම දාලා මගේ බ්ලොග් එකේම ඒ කතාව යඨා කාලයේදී ලියනන්ම් . . කමක් නෑනේ

  7. MPTalks පවසයි:

    @Ravi:
    කමෙන්ට් කලාට ස්තුතියි.

    @සුභාෂ්:
    අනේ කමක් නෑ! කොතන හරි කමක් නෑ. කතාව කියන්නකො. මම බැලුවේ තාම කතාව නැත්තේ මොකද කියලයි.
    කමෙන්ට් කලාට ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )