Another Movie Story | තවත් චිත්‍රපටි කතාවක්

පිස්සා Robin of Sherwood ගැන ලියපු ලිපිය කියවලා මම ලියපු රොබින් හුඩ් කතාව දැක්කද? ඒ විදියටම මේ සැරේ පිස්සා Boys චිත්‍රපටිය ගැන ලියපුවා දැක්කම මටත් ආයිත් හිතුනා කතාවක් කියන්න… අලුත් මාතෘකාවක් හොයා ගන්න මගේ තියෙන නොහැකියාවද, නැත්නම් interesting මාතෘකා හොයා ගන්න පිස්සගේ තියෙන හැකියාවද කියලානම් මම දන්නේ නෑ. කොහොම වුනත් පිස්සට ස්තුති කරලම පටන් ගන්නවා ඔන්න.

Boys චිත්‍රපටිය ආවේ මම කැම්පස් ඉන්න කාලේදි. අපි ඉඳලා හිටලවත් දෙමළ චිත්‍රපට බලන අය නොවුනත්, මේක හොඳයි කියලා ආරංචි වුන නිසා අපි කට්ටියටත් ඕන වුනා Boys බලන්න.

ඔන්න ඉතින් අපේ දෙමළ සංහතියට (ඒ කාලේ ෆිට් එකටයි ඔහොම කිවුවේ. තරහට නෙවෙයි.) ඔය ආසාව ගැන නිකමට වගේ කිවුවම එකෙක් කිවුවා එයා වැල්ලවත්තෙ ගිය වෙලාවක VCD එකක් ගෙනත් දෙන්නම් කියල. ඔය කාලෙ අපි DVD තාක්ෂණයට පිවිසිලා නෑ. VCD එකක් ගන්නෙත් සෑහෙන අමාරුවෙන් කලෙක්ෂන් එකක් දාලා. ඒ නිසා නොමිලෙම චිත්‍රපටිය ලැබෙන්න යන එකට අපි උඩින්ම කැමති වුනා. නිකම් දෙනවනම් දෙමළ පත්තරෙත් ගන්නවා කියල කතාවකුත් තියෙන්නේ…

ඒත් දවසක් දෙකක් බලන් හිටියත් පොරොන්දු වුන විදියට VCD එකනම් ලැබුනේ නෑ. ඒ නිසා අපි ඕක ගෙනත් දෙනකම් හැමදාම Boys ඉල්ල ඉල්ලා කරදර කලා. ඕක ඌට කොච්චර ඇනයක් වුනාද කිවුවොත් අන්තිමේදි වීඩියෝ කඩේකින් අරගෙනලු අපිට තැටිය ගෙනත් දුන්නේ.

ඉතින් එදා හවස අපි සැට් එකම හොස්‍ටල් එකේදි කාගෙද මන්දා කොම්පියුටරයක ඕක බැලුවා. එතන හිටපු හැමෝටම වගේ මුල ටිකනම් සිරා. පැයක් විතර ගියාට පස්සේ  අල. පැය එකහමාරකට පස්සේ චොර. හුඟ දෙනෙක් ඉවර වෙනකම් බැලුවෙවත් නෑ…

කොල්ලෝ සෙට් එකක් කරන දඟ වැඩ මුලින් තිබුනත් පස්සේ ඉතින් සුපුරුදු දෙමළ සිනමා ආකෘතියම තමයි. හරිම අභව්‍ය කතාවක්. අපිටනම් හිතා ගන්නත් බැරි වුනා මේක ගැන මොකද හැමෝගෙම මෙච්චර වර්ණනාව කියලා. සින්දු ටිකනම් ලස්සනයි. (සින්දුවල වීඩියො ගැන මතක නෑ…) ඉතින් පහුවදා ආපහු තැටිය ගිහින් දීලා අපිට ඒක ගෙනත් දුන්න එකට ඌට පලු යන්නම බැන්නා. හික්, හික්. පවු කියලත් හිතෙනවා දැන්නම්.

කැම්පස් ඉන්න කාලේ බලපු හොඳ චිත්‍රපටි කියලා මතක තියෙන්නේ Spider Man, Minority Report, The Matrix, Harry Potter, A Beautiful Mind, The Last of the Mohicans, The Sixth Sense, The Patriot, Gladiator වගේ ඒවා තමයි. මම කැමති දෙමළ චිත්‍රපටිත් නැතුවම නෙවෙයි. Bombay, Roja, Thevar Magan, Nayagan වගේ නම් තමයි දැන් මතක. (මේ කියපු දෙමළ චිත්‍රපටි බහුතරයක් මනි රත්නම් අධ්‍යක්ෂණය කළ ඒවා වුනේ මොකද කියන්නනම් මම දන්නෙ නෑ.)

මේක දැක්කම පිස්සට තද වෙයිද දන්නෙත් නෑ. මම කිවුවේ අපිට දැනුනු විදිය තමයි. චිත්‍රපටිය හොඳද, නරකද කියලා කියන්න කීප දෙනෙකුගෙ මතය තිබුනටම බෑනෙ.

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in Ent and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

8 Responses to Another Movie Story | තවත් චිත්‍රපටි කතාවක්

  1. ප්‍රශාන් ප්‍රනාන්දු පවසයි:

    Thevar Magan මනිරත්නම්ගේ නෙවෙයි. නමුත් එකත් ලස්සනම කතාවක්. inspired by “the god father” කියල කියන්න පුළුවන්. ෆිල්ම් දෙක අතරේ පොඩි පොඩි සමානකම් තියෙනවා. Boys එක ලස්සන තාරුණ්‍යට ගැලපෙන කතාවක්. එකේ සමහර එව්වා real කියල හිතෙන්නේ නැත්තේ එව්වා තවම ලංකාවේ නැති හින්දා වෙන්න ඇති( උදා. Dating වගේ දේවල්. නමුත් ඉන්දියාවේ මේක සාමාන්‍ය දෙයක්). අනික තරුණ කාලේ ඉතින් fantacy ගොඩයිනේ. 😀


    ප්‍රශාන් fernando.

  2. Chanaka Aruna munasinghe පවසයි:

    CD 2ක් ද තිබ්බෙ?
    2 වෙනි CD එක වෙන මොකක් හරි චිත්‍රපටියක වෙන්න ඇති

  3. MPTalks පවසයි:

    @ECG
    Thanks.

    @ප්‍රශාන් ප්‍රනාන්දු
    Thevar Magan ගැන නිවැරදි තොරතුරු දුන්නට ස්තුතියි. මම ලිපියත් නිවැරදි කළා. මම ඔය චිත්‍රපටිය බැලුවේ 1995දී විතර ITN එකේ.
    මට හිතෙන විදියටනම්, අපිට චිත්‍රපටිය එපා වුනේ ඔය නිසා නෙවෙයි. ඒකත් සම්ප්‍රදායික වට්ටෝරුවටම වැටුන නිසයි.
    ස්තුතියි කමෙන්ට් කලාට.

  4. Shadow/හේමලයා පවසයි:

    මම Gautham Menonගේ සහ ශන්කර්ගේ චිත්‍රපට වලට කැමතියි….ඒවාගෙම කමල් හසන්ගේ මෑත කාලීන චිත්‍රපටත් ඉතාම අනර්ඝයි….ඒවාගෙමයි “චෙරන්ගෙ” Autograph….මනිරත්නම්ගේ ඉරුවර්……

  5. palaamalla පවසයි:

    හික් හික්… අනේ පිස්සගෙ මොන හැකියාවක්ද බොල… හිතෙන ඒවා තමා ලියන්නේ. අර කිව්වත් වගේ 2 වැනි සීඩි එකේ වෙන එකක්ද දන්නෙ නැහ තිබ්බේ හික් හික් . ඒක නේ මම කිව්වෙ හැමෝටම අල්ලන ටයිප් නෙමෙයි කියලා. ඒත් සින්දු ටිකයි… හරිනියි එක්ක සීන් එක අල්ලල ගියා මටනම්.

    රෝජා ත් මම බලපු ලස්සන දෙමළ ෆිල්ම් එකක්.

    ඔන්න තද උනේ නැහයිලු හික් හික්

  6. Chanaka Aruna Munasinghe පවසයි:

    ඔව් ඉතින් අරයට කරදර කරපු හින්දා කොහෙන් හරි 1/2 ක් හොයාගේන ඉතුරු 1/2 වෙන ජරාවකින් පුරවන්න ඇති

  7. MPTalks පවසයි:

    පහුගිය ටිකේම වැඩ වැඩි වුනා. ඒකයි මේ පැත්තේ එන්න බැරි වුනේ…

    @ Chanaka Aruna munasinghe
    තැටි දෙක මාරු වෙලා ප්‍රශ්නයක් වුනේනම් නෑ. අපි හරි චිත්‍රපටිය තමයි බැලුවේ.
    චිත්‍රපටිය මාරු වෙලා වෙච්ච ප්‍රශ්නයක් ගැන මම කලින්ම කිවුවනේ.
    https://mptalks.wordpress.com/2010/06/03/movie-story/

    @Shadow/හේමලයා
    ස්තුතියි මේ චිත්‍රපටි ගැන කිවුවට. මම ළඟකදීනම් දෙමළ චිත්‍රපට බලලා නෑ. අපේ රටේ ප්‍රධාන භාෂාවක් වුනත්, මට දෙමළ තේරෙන්නෙ නැති නිසා ටිකක් කම්මැලියි.
    මම අන්තිමට බලපු කමල් හසන් රඟපාන චිත්‍රපටිය – දසවතාරම් නම් මට ඇල්ලුවේ නෑ.

    @palaamalla
    පිස්සගෙ හැකියාව තමයි මටත් ලියන්න හිතෙන තරම් interesting මාතෘකා සොයා ගැනීම.
    රෝජා චිත්‍රපටිය හොඳයි කිවුවා වුනත්, ඇත්තම කිවුවොත් මම ඒක බැලුවේ හින්දියෙන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )