Robin of Sherwood |රොබින් හුඩ්

පිස්සා රොබින් හුඩ් ගැන ලියපු ලිපිය දැකලා මාත් කමෙන්ට් එකක් දාන්න ලෑස්ති වුනා. මොකද මේ ගැන පොඩි කතා දෙක තුනක්ම ලියන්න තරම් අත්දැකීම් මටත් තියෙනවා. ඒත් ලියන්න පටන් ගත්තම විස්තරේ දිග වැඩි වුන නිසා වෙනම බ්ලොග් සටහනක් විදියට දැම්මනම් හොඳයි කියලා හිතුනා… මේ කතා මතක් වෙන්න මුල් වුන පිස්සට ස්තුති කරලම පටන් ගන්නම්.

මට මතක හැටියට Robin of Sherwood මුලින්ම පෙන්නුවේ මම 2 වසරේ ඉද්දී 1987දි විතර. වෙලාවනම් ඉරිදා රෑ 7ට වෙන්න ඕන. පළවෙනි කොටස බැලුවේ අහම්බෙන්. ඊට පස්සේ එක කොටසක්වත් මිස් කරන්නේ නැතුව බැලුවා.

ඒ කාලේ ලංකාවෙ තිබුනේ TV Channel 2යි. වෙන බලන්න දේවල් ඒ තරම් නොතිබුන නිසාද, ළමයින්ට දැනට වඩා නිදහසක් තිබුන නිසාද මන්දා අපි හැමෝගෙම හිත්වලට තදින්ම කා වැදුනා මේ TV series එක. පහු ‍කාලෙකදි කැම්පස් එකෙන් එහෙම හමු වුන යාලුවො නිසා දැන ගත්තා ලංකාව පුරාම අපේ වයස්වල (±5) හැමෝගෙම වගේ ජීවිතවලට මේ කතාව ගොඩක් බලපාල තියෙන බව.

රොබින් මැරෙන එක ගැන කියවද්දියි මතක් වුනේ… ඔය කතාවෙ තියෙනවනේ රොබින් හුඩ් මැරුනම රොබට් කියල වෙන හාදයෙක් රොබින් හුඩ්ගෙ අනුප්‍රාප්තිකයා හෙවත් රොබින් හුඩ් II විදියට වැඩ කරනවා. ඔය කාලේ මගේ යාලුවො කිවුවෙ රොබින් හුඩ්ලා 7 දෙනෙක් වෙනකම් එනවා කියලයි. ඒ කාලෙ ඉතින් ජංජාලෙ, wikipedia එහෙම තිබුනෙත් නෑනේ. ඒ නිසා මාත් රොබින් හුඩ්ලා 7 දෙනාගෙ කතාව හිස් මුදුනින් පිලි අරන් හිටියේ. හික්. හික්…

පිස්සයි, සහනුයි වගේම මාත් දුනු ඊතල හදාගෙන සෙල්ලම් කළා සෑහෙන කාලයක් යනකම්ම. ඔය life size දුනු ඊතල හැදිල්ලෙන් පස්සෙ මම miniature ඒවා හදන්නත් පුරුදු වුනා. ඒ කිවුවේ දුන්නක් 150mm විතර වෙන්න… ඔය සයිස් එකට හැදුවම performance අඩු වුනත්, බෑග් එකේ දාගෙන ඉස්කෝලෙ ගෙනියන්න පුලුවන්නේ… ඒකයි.

ඊලඟට Robin of Sherwood පෙන්නුවේ 1990දී විතර ඉරිදා හවස 5ට ‘රසාර’ වැඩසටහන යටතේ. ඔය දවස්වල අපේ ශිෂ්‍යත්ව පන්තිය ඉවර වෙන්නෙත් ඒ වෙලාවටමයි. ඉතින් ක්ලාස් ඇරුන ගමන් කට්ටියම දඩි බිඩි ගාලා ගෙදර යනවා ඕක බලන්න. ඒත් මටනම් කලින් වගේ හොඳට බලා ගන්න අමාරු වුනා ඔය සැරේදි.

1995දි විතර තමයි ඊළඟට Robin of Sherwood පෙන්නුවේ. ඒ සැරේ තිබුනේ සිකුරාදා රෑ 7ට වෙන්න ඕන. පළවෙනි සැරේ බලලා අවුරුදු 7ක් ගියත් දෙවෙනි සැරේ බලනකොටත් කතාව මතක තිබුනා. ඒත් ඒ සැරෙත් මුලු series එකම ආසාවෙන් බැලුවා.

ඔය සැරේ බලද්දි තමයි මට තේරුනේ මැරියන්, රොබින් හුඩ් living together කියලා. 2 වසරේ ඉද්දි ඕවා තේරෙන එකක්යැ. හිකිස්.

ඒ විතරක්යැ. මගේ පන්තියෙ යාලුවෙකුටත් 11 වසරෙදි විතර හිතුනනෙ අපේ පන්තිවලට ආපු ගෑනු දැරිවියකගෙ පෙනුම මැරියන් වගේ කියලා. ඕක ගැනත් රසවත් කතන්දර ‍ගොඩක් තියෙනවා.

ඔහොම දෙපාරක් රොබින් හුඩ් බැලුවට පස්සේ නියම වැඩක් වුනේ. ඉබ්බට වෙච්ච දේම තමයි. කතාව හොඳටම මතක තිබුන නිසා ආයිත් සැරයක් බලන්න එපා වුනා මට.

ඒත් කතාවෙ background music එකටයි, සිංදුවලටයි තිබුන ආසාව අඩු වුනේ නෑ. ජංජාලෙ පාවිච්චි කරන්න හුරු වුනාට පස්සේ රොබින් හුඩ් සිංදු ටික හොයා ගත්තා සෑහෙන ගේමක් දීලා. තාමත් ආසයි. ඒවටනම්. කතාවෙ තේමා වාදනයනම් මෙතනත් තියෙනවා. ඔය සිංදු නිසාම මට පහු කාලෙකදි සෙල්ටික් සංගීතය ගැනත් කැමැත්තක් ආවා.

මං හිතන්නෙ 2007දි විතර ආයිත් පාරක් රොබින් හුඩ් පෙන්නන්න ඇති. ඔය කාලෙ අපේ මල්ලි කෙනෙක් එක විෂයකට එයාගෙ අනිත් යාලුවො ටික යන A/L tuition class එකට නොගිහිං යාලුවො නොයන වෙන පන්තියකට ගියා. මල්ලි ගිය පන්තිය තිබිලා තියෙන්නේ රොබින් හුඩ් තිබුන වෙලාවෙමලු. ඉතිං අර යාලුවො ටික දවසක් මේ මල්ලිට බැනලා තියෙන්නේ, “උඹ ඔය කරන වැඩෙන් අන්තිමේදි ඒ ලෙවලුත් නෑ. රොබින් හුඩුත් නෑ” කියලලු.

සමරු සටහන් පොත්වල නිතර ලියවුන “Nothing is Ever Forgotten!” කෑල්ලත් ආවේ රොබින් හුඩ් එකෙන් කියලයි මටනම් හිතෙන්නේ.

ෂර්වුඩයේ රොබින් කතා පෙළ ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

ලංකාව පුරාම හුඟ දෙනෙකුගෙ මතකයේ රැඳුනු රොබින් හුඩ් කතාව වගේ නොවුනත් මගේ පොඩි කාලෙත් එක්ක බැඳුනු TV series කීපයක් මතක් කරලා කතාව ඉවර කරන්නම්:

MonkeyMacGyverKnight RiderStreet HawkRobin of SherwoodLittle House on the PrairieSmall WonderKung Fu

ප. ලි.

ජනප්‍රිය සිංහල සංගීතයට Celtic Music වල බලපෑම ගැන දැන ගන්නනම් මේ Clip එකත් බලන්නකෝ.

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in PT and tagged , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

10 Responses to Robin of Sherwood |රොබින් හුඩ්

  1. බඹ‍රා පවසයි:

    Nothings never forgotten නෙවෙයිද ඕක?

  2. h පවසයි:

    මමයි උඹයි දෙන්නම එක වයසෙනේ බං. ඔය කියපු ටීවී සීරීස් සේරම මමත් පුංචි කාලෙ පට්ට ගහපුවා. ඇත්තටම කිව්වොත් මුලින් රොබින්හුඩ් කඩ්ඩෙන්නෙ ගියේ. එතකොට නම් මම මුල් කොටස් කීපයම බැලැවෙ නෑ. පස්සෙ අර තොටවත්ත අංකල්ගෙ රසාර එකේදි තමයි දැණෙන්න බැලුවෙ. අර කිව්ව වගේ මමත් ක්ලාස් වේලාවල් වෙනස් කරගෙන තියෙනව ඕක බලන්න ඕන නිසා…

  3. palaamalla පවසයි:

    රොබින් හුඩ් ඒ කාලේ උන්ගෙ ලේ වල තියෙන්නේ බන්… නියම කතා ටික. මට දාන්න බැරි උන විස්තරත් උබ දාල තියෙන්නේ.

    ඔය කාලේ ටීවී චැනල් තිබ්බේ ස්වාදීන එකයි රූපවාහිනියයි… අනික අපිට දැන් උන්ට වඩ නිදහස තිබ්බා.

    ඇයි බන්… පිස්සු පූසා… හා හා හරි හාවා… දොස්තර හොඳ හිත.

  4. MPTalks පවසයි:

    @blog gadol
    ස්තුතියි. බ්ලොග් ගඩොල් තමයි මගේ ප්‍රියතම බ්ලොග් එක. MPTalks නමින් නොවුනට මම ලිපි කීපයකටම කමෙන්ට් කරලා තියෙනවා.

    @බඹරා
    රොබින් හුඩ් එකේ කියන්නෙනම් “Nothing is Ever Forgotten” කියල තමයි. විස්වාස නැත්නම් Google කරලම බලන්නකෝ.
    ස්තුතියි කමෙන්ට් කලාට.

    @h
    මමනම් මුල ඉඳලම බැලුවෙ සිංහල උපසිරැසි එක්ක තමයි. මොකද, මට මතකයි මගේ නැන්දා කෙනෙක් තමයි මට ඇහෙන්න ඒවා කියෙවුවෙ. (ඒ කියන්නේ තනියෙන් අකුරු කියවන්නත් බැරි කාලේ ඉඳලා බලලා… ලොල්)
    ඔය කියද්දියි මතක් වුනේ. දෙවෙනි සැරේ පෙන්නු‍වේ ඉරිදා හවස 5ට රසාර එක්ක නේද? මම පොස්ට් එක නිවැරදි කරන්නම්.
    ස්තුතියි කමෙන්ට් කලාට.

    @palaamalla
    ස්තුතියි. මම කාටුන් ගැන වෙනම කියන්නයි ඉන්නේ…

    ඔය කාටවත් මුකුත් හිතුනෙ නැද්ද ජනප්‍රිය සිංහල සංගීතයට Celtic Music වල බලපෑම ගැන?

  5. MPTalks පවසයි:

    ආයිත් පිලිතුරු ලියන්න වෙන්නේ office එකේ වැඩ ඉවර වෙලා තමයි.

  6. AJ පවසයි:

    සෙල්ටික් සංගීතයෙන් සිංහල සංගීතයට ලැබුනු දේ මෙතනින් බලාගන්න පුලුවන්.(http://www.youtube.com/watch?v=SMzL6IjQcLI)මෙ පොස්ට් එක කියවනකන් මම දැනගෙන හිටියෙ නෑ මේ සිංදුව සෙල්ටික් සංගීතය මුසු වෙච්ච එකක් කියල. ඔබට බොහොම ස්තුත්යි.

  7. Nilupul පවසයි:

    Wonderful memories! This took me 20 years back in to my childhood…
    just found this link, hope some of you may be interested in this..
    http://www.acephotos.org/t285535/judi-trott-photos.html

  8. පින්ග්කිරීම: Another Movie Story | තවත් චිත්‍රපටි කතාවක් | MP Talk's පොඩි කතා

  9. MPTalks පවසයි:

    @AJ
    මමත් තාම දන්නෑ ඔය සිංහල සිංදුව මම කලින් දුන්න සිංදුවේ අමු කොපියක්ද, නැත්නම් දෙකටම එකම විදියට සෙල්ටික් සංගීතය බලපාලද කියලානම්.
    ස්තුතියි කමෙන්ට් කලාට.

    @Nilupul
    Thanks for commenting and sharing the link.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )