Hand Phone Number | ජංගම දුරකථන අංකය

කතන්දරකාරයාගෙ හෑන්ඩ් ෆෝන් කතාව කියෙවුවේ අදයි. ඉතින් මටත් හිතුනා අපේ යාලුවෙක් දුරකථන ඇමතුමක් ගන්න ගිහින් වෙච්ච දෙයක් ගැන පොඩි කතාවක් කියන්න. හැබැයි මෙයානම් නව තාක්ෂණික දේවල් නුහුරු කෙනෙක් නෙවෙයි. ඉඳලා හිටල පිස්සු / මෝඩ වැඩ කරන කෙනෙක් කියලා තමයි කියන්න වෙන්නේ.

ඇත්ත නම කිවුවොත් ගුටි කන්න වෙන නිසා මම මෙයාට ‘අරවින්ද’ කියන්නම්. “අපේ පුතාට ඇඟ තිබුනට මොලේ නෑ” කියලා අරවින්දගේ අම්මත් කිවුව කියලයි මුචානම් කියන්නේ. (මඩ) මුචා කියන්නේ අපි දෙන්නගෙම යාලුවෙක් කියලා හිතා ගන්නකො දැනට…

ඉතින් මේකයි සිද්ධිය. දවසක් අපි දෙන්නා කතා කර කර ඉද්දි අරවින්දගේ ජංගම දුරකථනයට මුචාගෙන් කෝල් එකක් ආවා. කාගෙද මන්දා දුරකථන අංකයක් තමයි මුචා අහලා තියෙන්නේ. කෝල් එක ඉවර කරලා ඒ ඉල්ලපු දුරකථන අංකයත් හොයා ගත්තු අරවින්ද දැන් බර කල්පනාවක.

ඊට පස්සෙ අපි අතරෙ සංවාදය මේ විදියටයි වුනේ.

මම: මොකද මචං ඉල්ලපු number එක මුචාට දෙන්නෙ නැතුව කල්පනා කරන්නේ?

අරවින්ද: මම මුචාට land line එකෙන් phone කරන්න තමයි ලෑස්ති වුනේ. (ඔය දවස්වල ජංගම දුරකථන ගාස්තු විනාඩියට රු 19 ක් විතර වුනා.) ඒත් මුචාගෙ numbers 2ක් තියෙන නිසා මොන එකට ගන්නවද කියලයි මේ බැලුවේ…

මම: ඉතින් ඌ දැන් කතා කලානෙ. ඒ number එකටම ගනිං.

අරවින්ද: ඒ number එක පෙනුන් නෑනෙ. මුචා කියල තමයි phone එකේ පෙනුණේ.

😀

මෙන්න බෝනස් එකට ‍තවත් කතාවක්.

අරවින්ද වෙන වැඩක් කරන අතරෙම නොයෙක් දේවල් ගණන් කරන පොඩි පුරුද්දක් තිබුණා. ඒ කියන්නෙ ගමනක් යන අතරෙ පහුකළ වාහන ගණන, වාහනේ රතු එළියට නතර කලාම ඒ මංසන්ධියේ හංගලා තිබුණු ආරක්ෂක කැමරා ගණන වගේ දේවල්. මේ නිසාම අපි සමහර වෙලාවට මෙයාට ඔටෝ සම් කියලත් කිවුවා.

දවසක් කාර්යාලයේ වැඩ එහෙමත් තිබුන වෙලාවක මට පොඩි විහිලු කතාවක් මතක් වුනා. ඒ කාලෙත් මට පොඩි කතාවක් මතක් වුනොත් ඕක කාට හරි කියන්නම ඕන. හික්, හික්… ඉතින් මම දෙපාරක් විතර අරවින්දගෙන් ඇහුවා පොඩි කතාවක් තියෙනවා, කියන්නද කියලා. මූ එපාම කිවුවා. පස්සේ මම වාක්‍ය 3න් කතාව ඉවර කරන්නම් කියලා පොරොන්දු වෙලා අමාරුවෙන් අවසර ගත්තා.

ඉතින් මම අමාරුවෙන් වචන ගලපලා පුලුවන් තරම් කෙටියෙන් කතාව කිවුවා. විහිලු කතාව ඉවර වෙලත් මූ හිනා වුණේනම් නෑ. මම ඇහුවා ඇයි මචං කියලා.

අරවින්ද කිවුවා “උඹ වාක්‍ය 5ක් ගත්තා” කියලා.

Advertisements

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...
This entry was posted in Ent and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

11 Responses to Hand Phone Number | ජංගම දුරකථන අංකය

  1. Shadow/හේමලයා පවසයි:

    පට්ට කතාව….මුවා එක නම් එළම කිරි……:D

  2. isimbuwa පවසයි:

    ඉතින් හරිනෙ වාක්‍ය පහක් කිව්වම තරහ යන්න එපැයි. ඔයා පොරොන්දුව කඩ කළ නිසා.

  3. Chanaka Aruna Munasinghe පවසයි:

    අර වාක්‍ය පහේ කතාවත් කියන්න

  4. MPTalks පවසයි:

    @ Shadow/හේමලයා – ස්තුතියි. It should be Mucha.

    @ isimbuwa – අපි ඉතින් ඕවා count එකක් දාගෙන කරන් නෑනේ. ලොල්ස්.

    @ Chanaka Aruna Munasinghe – ඒ කතාව මොකක්ද කියලවත් දැන් නම් මතක නෑ. මතක් වුනොත් බලමු.

    @ ilandhariya – ස්තුතියි. It should be Mucha.

  5. Ansh Lucky Sri Jay පවසයි:

    මුචා කියන්නෙ අපේ මුචා හෙම නෙමෙයි නේ?
    කොහොම උනත් නියම කතා 2ක

  6. පින්ග්කිරීම: Unknown Phone Number | නාඳුනන දුරකථන අංකය | MP Talk's පොඩි කතා

  7. MPTalks පවසයි:

    @ Ansh Lucky Sri Jay – අපේ මුචා කියන්නේ කවුද කියල මමනම් දන්නෙ නෑ. මම කියපු මුචානම් ඉන්නේ Dubai, UAE.

  8. nimanthi පවසයි:

    මමත් මේ Ansh කියන මුචා ඔලුවේ තියාගෙන කියෙව්වේ..:D
    ඒත් මම බැලුවා ලංකාවේ හන්දිවල කොහෙද ආරක්ෂක කැමරා කියලා. :-))))
    ඇත්තනේ හිනා යන්න අරවින්ද කතාව අහගෙන් ඉදලා නෑනේ.. ;-(

  9. පින්ග්කිරීම: Call 119 | 119ට කියන්න | MP Talk's පොඩි කතා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )